ශේන් වෝන් පිළිබඳ පුද්ගලික අවමංගල්‍ය උත්සවය අද

දින කිහිපයකට පෙර තායිලන්තයේදී මියගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් පිළිබඳ පුද්ගලික අවමංගල්‍ය උත්සවය අද පැවැත්වෙනවා.

ඒ මෙල්බන් නුවරදීයි.

වෝන් ගේ දරුවන් 03 දෙනාද මීට සහභාගීවීමට නියමිතයි.

සුපිරි ක්‍රීඩකයාගේ සමීපතමයන් 80 දෙනෙකු පමණක් මේ සඳහා එක්වන අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මාර්ක් ටේලර් – ග්ලෙන් මැක්ස්වෙල් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් නායක මයිකල් වෝන් ද සිය සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.

මාර්තු 04 වනදා අභාවප්‍රාප්ත වූ ෂේන් වෝන් ගේ දේහය පිළිබඳ ප්‍රධාන අවමංගල්‍ය උත්සවය ලබන 30 වනදා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »