INTERPOL රතු වරෙන්තු ලබා සිටි චෙක් ජාතිකයෙකු ලංකාවේදී අත් අඩංගුවට

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි චෙක් ජාතිකයෙකු ගාල්ල වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුලගු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

62 හැවිරිදි මොහු තවත් චෙක් ජාතික කාන්තාවක සමග මගී නාවික යාත්‍රාවකින් ඊයේ සවස 06.00 ට ගාල්ල වරායට , ඉන්දුනීසියාවේ සදාම් වරායේ සිට සේන්දු වී තිබෙනවා.

ගාල්ල වරායට පැමිණි පසු ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා මොවුන්ගේ ගමන් බලපත්‍ර භාර දී ඇතැවි සඳහන්.

එහිදී මෙම චෙක් ජාතිකයාගේ ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලේඛනයට ඇතුළත් බව අනාවරණය කර ගෙන තිබෙනවා.

සොරකමක් සම්බන්ධයෙන් මෙම තැනැත්තා අත් අඩංගුවට ගැනීම සදහා චෙක් ජනරජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර , ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් මෙලෙස මොහු අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිවේදනයක් නිකුත් කර තිබී ඇතැයි සඳහන්.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »