සමීප ආශ්‍රිතයන් සඳහා කොවිඩ් මර්දන නීති ලිහිල් කිරීමේ තීරණය යළි සළකා බලන්නැයි වික්ටෝරියා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
නැවත වරක් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවයක් පැවතීම ඊට හේතුව ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සමීප ආශ්‍රිතයන් සඳහා බලාත්මක හුදකලා නීති වෙනස් කිරීමට ජාතික කැබිනෙට්ටුව පසුගිය සතියේදී තීරණය කලා.
එය කෙදින සිට බලාත්මක වන්නේද යන්න තවත් දින කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
කෙසේවෙතත් වික්ටෝරියා වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ සෞඛ්‍ය පද්ධතිය අඩාල නොවන අයුරින් තීරණයක් ගත යුතු බවයි.