ලංකාව සමග සාකච්ඡා ඇරඹු බව IMF නිල වශයෙන් කියයි

ශ්‍රී ලංකාවට සහයදීමේ වැඩසටහනක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.

එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ රට මුහුණ දී ඇති දැවැන්ත විනිමය අර්බුදය සහ උද්ධමනය හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවයි මූල්‍ය අරමුදල අනාවරණය කරන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

පසුව ජාතිය අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කල බවයි.

ශ්‍රී ලංකාවට උපකාර කල හැකි සුදුසුම ආකාරය ලබන මාසයට යෙදී ඇති මුදල් අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරයේදී තීරණය කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් නිර්දේශ කිහිපයක්ද ලබාදුන්නා.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »