නවසීලන්ත අගමැතිනියගෙන් ඔස්ටේ්‍රලියානුවන්ට ආරාධනයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

නවසීලන්ත අගමැතිනියගෙන් ඔස්ටේ්‍රලියානුවන්ට ආරාධනයක්

නවසීලන්ත අගමැතිනියගෙන් ඔස්ටේ්‍රලියානුවන්ට ආරාධනයක්

නවසීලන්තයේ නිවාඩුවක් සඳහා දැන්ම දින වෙන් කර ගන්නැයි එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දෙනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට ලබන මස 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්තයේ දේශ සීමා විවෘත කෙරෙනවා.

ඔවුන්ට ඉහළම පිළිගැනීමක් දීමට සූදානමින් සිටින බවයි ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතන කිහිපයක් සමග අද පෙරවරුවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් නවසීලන්ත අගමැතිනිය කියාසිටියේ.

දරුණු කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගතහොත් මිසක නැවත වරක් නවසීලන්ත දේශ සීමා වසා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බවද ජසින්ඩා ආර්ඩර්න් අවධාරණය කලා.

ඉදිරි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතවරණයෙන් පසු ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයකට එක්වීමට තමා සූදානමින් පසුවන බවද අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කලා.

https://7news.com.au/sunrise/on-the-show/new-zealand-prime-minister-jacinda-ardern-urges-aussies-to-book-kiwi-holiday-c-6108970

COMMENTS