
කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ පළතුරු ඇතුළු ආහාර 09 ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ, ආනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ යටතේයි.
ඒ අනුව යෝගට්, වෙඩරු ඇතුළු කිරි ආහාර 05 ක, කිලෝවක් සඳහා බද්ද රුපියල් 1,000 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

සියලුම වර්ගයේ චීස් කිලෝවක බද්ධ ඉහළ නංවා ඇත්තේ රුපියල් 400 ක් දක්වායි.
මිදි, ඇපල් සහ සෙසු පළතුරුවල බද්ද කිලෝවක් රුපියල් 300 දක්වා ද, රට ඉදි සහ දොඩම්වල බද්ද කිලෝවකට රුපියල් 200 ක් දක්වා ද, ඉහළ නංවා තිබෙනවා.

වියළි මිදි බද්ද කිලෝවකට රුපියල් 300 ක් ලෙසද වියළි රට ඉදි බද්ද කිලෝවකට රුපියල් 200 ක් ලෙසද ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.
මෙම බදු ඉහළ නැංවීම මාස 06ක කාල සීමාවක් සඳහා වලංගු වනු ඇති.