$ 70,000 ට වැඩි සෑම රැකියාවක් සඳහාම තාවකාලික රැකියා වීසා නිකුත් කල යුතු බවට නිර්දේශ

ඩොලර් 70,000 ට වැඩි වැටුපක් සහිත සෑම රැකියාවක් සඳහාම තාවකාලික රැකියා වීසා (temporary visa) බලපත්‍ර නිකුත් කිරීමට ඔස්ටේ්‍රලියාව පියවර ගත යුතු බවට නව වාර්තාවක් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව skills shortage list අහෝසි කල යුතු බවටයි මෙම වාර්තාව යෝජනා කරන්නේ.

2017 වසරේදී එවක පැවති මැල්කම් ටර්න්බුල් රජය විසින් මෙම තාවකාලික වීසා බලපත්‍ර ක්‍රමය අහෝසි කරනු ලැබුවා.

මෙමගින් සිදුවන්නේ වසර 02 ත් 04 ත් අතර කාලයකට රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම වන අතර අනතුරුව ස්ථිර පදිංචියට අවස්ථාව සැලසීමයි.

කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක skills shortage ලැයිස්තු ක්‍රමය යටතේ රැකියා යම් ප්‍රමාණයකට පමණක් ස්ථිර පදිංචිය ලබාදීම සිදුවනවා.

යෝජිත නව ක්‍රමය ක්‍රියාත්මක කලහොත් අති විශාල පිරිසකට කාලයක් ගතවී හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට අවස්ථාව උදා වනවා.

https://www.theguardian.com/australia-news/2022/mar/16/australia-should-grant-temporary-visas-for-all-jobs-earning-over-70000-report-says

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »