
භාවිත කල (Second Hand) මෝටර් රථ මිළයට ගැනීමේදී වඩාත් විමසිලිමත් වන්නැයි ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.
විශේෂයෙන් ෆේස්බුක් සහ Gumtree වැනි වෙබ් අඩවි හරහා පළකෙරෙන දැන්වීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.
කොවිඩ් වසංගත තත්වයත් සමග Second Hand මෝටර් රථ අලෙවිය කැපී පෙනෙන අන්දමින් ඉහළගොස් ඇති බව සඳහන්.

එම තතවය ප්‍රයෝජනයට ගෙන සමාජ මාධ්‍ය ජාලවල විවිධ වංචනික ක්‍රියා සිදුකිරීම ඉහළගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
මේ අතර ජල ගැලීම්වලට හසුවී විනාශ වූ මෝටර් රථ අලුත්වැඩියා කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳවද තොරතුරු වාර්තා වනවා.
