වසර 13 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය අඩුම අගය වාර්තා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 13 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය අඩුම අගය වාර්තා කරයි

වසර 13 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය අඩුම අගය වාර්තා කරයි

වසර 13 කට පසු ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය අඩුම අගය වාර්තා කර තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම වාර්තාවලට අනුව පෙබරවාරි මාසයේ විරැකියා අනුපාතය සටහන් වන්නේ සියයට 4.1 ක් ලෙසයි.

අවසාන වරට මෙවැනි පහළම අගයක් සටහන්වී තිබුණේ 2008 වසරේදී වන අතර එහිදී සියයට 04 ක් ලෙස පැවතුණා.

කෙසේවෙතත් 1978 වසරේදී වාර්තා පවත්වාගැනීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 04 ට අඩු අගයක් ගෙන නැහැ.

පසුගිය මාසයේදී නව රැකියා 77,000 ක් උත්පාදනය වී ඇති අතර රැකියා අහිමිවී පැවති 19,000 කට පමණ විකල්ප රැකියාද ලැබී තිබෙනවා.

https://www.9news.com.au/national/australia-unemployment-rate-february-2022-4-per-cent/4c83a4e1-8e5c-4943-b153-67223fbface6

COMMENTS