
ඔස්ටේ්‍රලියාවේ වයස්ගත සහ ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් ලබන පිරිස සඳහා වන සුබසාධන ගෙවීම් කිහිපයක් ලබන 20 වැනිදා සිට ඉහළ දමා තිබෙනවා.
මේ ඔස්සේ එක් පුද්ගලයකු සඳහා සතියකට ඩොලර් 20.10 ක වැඩිවීමක් සිදු වන අතර එමගින් වසරකට වැඩිවන මුදල ඩොලර් 987.60 ක්.
පවුල් සාමාජිකයින් දෙදෙනෙකු සඳහා සතියකට ඩොලර් 30.20 ක වැඩිවීමක් හිමිවන අතර එමගින් ඩොලර් 1,488.80 ක අමතර මුදලක් හිමිවනවා.

මෙලෙස ඉහල දමන ගෙවීම් සඳහා මිලියන 05 කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබනවා.
කුලී නිවාස සඳහා වන ආධාර මෙන්ම ආබාධිත ආධාර විශ්‍රාම වැටුපද මේ යටතේ ඉහළ යනු ඇති.
