ක්වීන්ස්ලන්ඩ් දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

මෙතෙක් එන්නත් නොකල දරුවන් වහා එන්නත්කරණයට යොමු කරන්නැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දැනුම් දෙනවා.

ප්‍රාන්තයෙන් මේ දිනවල දෛනිකව වාර්තාවන ආසාධිතයන් අතුරින් 1000 ක් පමණ ළමුන්වීම ඊට හේතුවයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දෛනික ආසාධිතයන් අතුරින් ළමුන් වැඩිම පිරිසක් කොවිඩ් රෝගීන් ලෙස සටහන්වූයේ පසුගිය පෙබරවාරි 23 වනදායි.

එදින වාර්තා වූ කොවිඩ් ආසාධිත ළමුන් සංඛ්‍යාව 2223 ක්.

ප්‍රාන්තයේ අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ගෙන් එක් එන්නතක් පමණක් ගෙන ඇති ළමුන් ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 43 ක් ලෙසයි.

https://www.9news.com.au/national/coronavirus-update-australia-nsw-covid19-cases-almost-triple-with-reporting-issue-victoria-queensland-wa/9a7b45b4-9e0b-4827-bfd5-8914392658a2

COMMENTS