Search

බැසිල් – මෝදි හමුවෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නවදිල්ලි අගනුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මහතා හමුවී තිබෙනවා.

නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ඉන්දීය වාර්තා සඳහන් කලේ.

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 01 ක ණය පහසුකමක් ලබාගැනීමයි මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ.

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා හමුවී තිබේ.

මෙම හමුවට මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල ,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියහ.

මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත ය.