
ඔස්ටේ්‍රලියාවේ පාසල් විදුහල්පතිවරුන් අතර ආතතිය සහ මානසික පීඩනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා.
ඉන් බහුතරය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් බවයි අනාවරණ වී ඇත්තේ.
විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් සතියකට සාමාන්‍යයෙන් පැය 55 ක් පමණ සේවයේ නිරතවන බවත් ඉන් 1/4 ක් පමණ පැය 60 කට වැඩි සංඛ්‍යාවක් රාජකාරිවල නිරතවන බවත් මෙහිදී අනාවරණය වුණා.

විශේෂයෙන් මැදිවියේ පසුවන විදුහල්පතිවරුන්ට වඩා තරුණ විදුහල්පතිවරුන්ට රැකියාවේ පීඩනය දරා ගැනීම අසීරු බවයි මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට අමතරව ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ටේ්‍රලියා සහ ACT යන ප්‍රාන්තවල විදුහල්පතිවරුන්ද සැළකිය යුතු ආතතියකින් පෙළෙන බව මෙම සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වුණා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ විදුහල්පතිවරුන් අතුරින් සියයට 37 ක් කිසියම් තර්ජනයකට එක් වරකදී හෝ ලක්ව ඇති බවත් සියයට 33 ක් පමණ ශාරීරික හිංසනවලට ලක්වී ඇති බවත් වැඩිදුරටත් හෙළිවී තිබෙනවා.