ජාතික ආණ්ඩු කථාව ගැන රනිල් කට අරී – AusLanka TV – Australian News for the Sri Lankan community

ජාතික ආණ්ඩු කථාව ගැන රනිල් කට අරී

ජාතික ආණ්ඩු කථාව ගැන රනිල් කට අරී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ පස් දෙනකුට පාර්ලිමේන්තුවට ඒමට යෝජනා කර ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පැතිර යයි.

ඒ සමගම රනිල් වික්‍රමසිංහ ගේ අගමැතිත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි පවසයි.

රජය විසින් කැදවීමට යෝජනා කර ඇති සර්ව පාක්‍ෂික සමුළුව මගින් යෝජනා සම්මත කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත් සදහන්.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ මෙම වාර්තා අසත්‍ය බවත්ය.

වත්මන් අර්බුදයෙන් මිදීමට ජාතික ආණ්ඩු බිහිකිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

පවතින තත්වයෙන් රට ගොඩගැනීමට නම් සියලු දෙනා අතර ජාතික එකගතාවයක් ඇතිකර ගත යුතු බවයි ඔහු කියාසිටියේ.

රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළකලේ කිරුළපන පැවති පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.

COMMENTS