
ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑ දරුණු ජල ගැලීම් හේතුවෙන් ලැබී ඇති රක්ෂණ ඉල්ලීම්වල තක්සේරු මුදල ඩොලර් බිලියන 02 ඉක්මවා ගොස් තිබෙනවා.
ඉල්ලීම් 135,697 ක් ලැබී ඇති බවයි රක්ෂණ කවුන්සිලය නිවේදනය කලේ.
ඒවායෙහි සමස්ත වටිනාකම ඩොලර් බිලියන 2.035 ක්.

මින් බහුතරය ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලින් වනවා.
කෙසේවෙතත් සැබෑ හානිය මීට වඩා තවත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.
