වසර 02 කට පසු ක්වන්ටාස් A380 ගුවන් යානා නැවතත් සේවයට – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 02 කට පසු ක්වන්ටාස් A380 ගුවන් යානා නැවතත් සේවයට

වසර 02 කට පසු ක්වන්ටාස් A380 ගුවන් යානා නැවතත් සේවයට

වසර 02 ක පමණ කාලයකට පසු A380 ගුවන් යානා නැවතත් සේවයේ යෙදවීමට ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

පළමු පංතියේ (First Class) ආසන නවීකරණයට ලක් කර ඇති අතර වැඩි පහසුකම්වලින් සමන්විත වීම විශේෂත්වයක්.

එමෙන්ම ව්‍යාපාරික පංතියේ ආසනද නවීකරණය කර ඇති බවයි ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ.

කොවිඩ් වසංගතය හමුවේ ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම මත වසර 02 ක් පමණ ක්වන්ටාස් ගුවන් යානා විවේක ගන්වා තිබුණා.

කෙසේවෙතත් සිඩ්නි – ලොස් ඇන්ජලීස් ගුවන් වාරය සඳහා A380 වර්ගයේ ගුවන් යානා නැවතත් යෙදවීමටයි ක්වන්ටාස් පියවර ගෙන ඇත්තේ.

https://www.9news.com.au/national/qantas-upgrades-and-resumes-services-and-first-class-flights/95532c2a-1452-47a2-8ab0-1bdb7b88c69d

COMMENTS