
මෙල්බන් නගරයේ මෙම දිනවල පවතින දැඩි දුමාරය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ඉහළින් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටිනවා.
Yarra Ranges කලාපයේ සැලසුම්කල වනාන්තර ගිණි තැබීම් හේතුවෙනුයි මෙම දැඩි දුමාරය නිර්මාණය වී ඇත්තේ.
විශේෂයෙන් ඇදුම වැනි රෝගී තත්වයන්ගෙන් පෙළෙන ජනතාව හැකිතාක් එළිමහනේ රැඳී සිටීමෙන් වැළකිය යුතු බවට අවවාද කෙරෙනවා.

කිසියම් ශ්වසන අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
ඉදිරි සති කිහිපයේදිත් මෙම සැලසුම් කල වනාන්තර ගිණි තැබීම් සිදුකිරිමට නියමිතයි.

COMMENTS