ඔස්ටේ්‍රලියාව තුළ ආහාර මිළ ඉහළ යනු ඇති බවට අනාවැකි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ ආහාර මිළ ඉහළ යනු ඇති බවට අනාවැකි

ඔස්ටේ්‍රලියාව තුළ ආහාර මිළ ඉහළ යනු ඇති බවට අනාවැකි

ඔස්ටේ්‍රලියාව තුළ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් ඉදිරි දිනවලදී සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ ඉන්ධන මිළ ගණන් ඉහළයාම හමුවේ ප්‍රවාහන ගාස්තු සහ ඊට සම්බන්ධ සියලු පිරිවැය වැඩිවීම හේතුවෙනුයි.

එහි බලපෑම කෘෂිකර්ම ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකටම බලපෑ හැකි බැවිනුයි මෙලෙස ආහාර මිළ ගණන් වැඩිවිමේ අවධානමක් නිර්මාණය වී ඇත්තේ.

පසුගිය සති අන්තයේදී බොහෝ ප්‍රදේශවල ඉන්ධන ලීටරයක් ඩොලර් 2.38 ක් ලෙස පැවතුණා.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ තවත් මාස කිහිපයක් යන තුරු ඉන්ධන මිළ අඩු නොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.abc.net.au/news/2022-03-14/fuel-price-diesel-regional-qld-agriculture-transport-consumers/100898648

COMMENTS