වික්ටෝරියා සංචාරක වවුචර්පත් ක්‍රමය නැවතත් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා සංචාරක වවුචර්පත් ක්‍රමය නැවතත්

වික්ටෝරියා සංචාරක වවුචර්පත් ක්‍රමය නැවතත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක වවුචර් පත් ක්‍රමය නැවතත් ක්‍රියාත්මක කර තිබෙනවා.

වවුචර් 150,000 ක් මේ යටතේ අලෙවි කිරීමට නියමිතයි.

පළමු අධියර යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වවුචර් පත් 10,000 ක් හෙට දිනයේ සිට නිකුත් කෙරෙනු ඇති.

ලබන සතියේ බදාදා සිට තවත් අමතර වවුචර් 140,000 ක් නිකුත් කිරීමටද නියමිතව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නවාතැන් සහ සංචාරක නැරඹුම් ස්ථානවලදී ඩොලර් 400 ට වැඩියෙන් වියදම් කරන පුද්ගලයන්ට ඩොලර් 200 ක දීමනාවක් ලබාදීමයි මෙහිදී සිදුවන්නේ.

ඩොලර් මිලියන 200 ක වටිනාකමින් යුත් මෙම වැඩපිළිවෙල ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදෙනු ලැබුවේ කොවිඩ් වසංගත සමය ආරම්භවීමත් සමගයි.

හෙට පෙරවරු 11 සිට මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර ලොතරැයි ක්‍රමයකට තෝරා ගැනීම් සිදුකෙරෙනු ඇති.

අප්‍රේල් 08 වනදා සිට මැයි 27 වනදා දක්වා එම වවුචර පත් භාවිත කල හැකි වනවා.

https://www.9news.com.au/national/victorias-travel-voucher-scheme-returns-offering-cashback-on-holidays/d48bf3fb-7c27-45cb-a86d-42a986a34209

COMMENTS