වික්ටෝරියා ප්‍රාන්තයේ Casual සේවකයන්ට සුභ ආරංචියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්තයේ Casual සේවකයන්ට සුභ ආරංචියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Casual සේවකයන්ට සුභ ආරංචියක්

Casual සේවකයන් සඳහා වැටුප් සහිත ලෙඩ නිවාඩු ලබාදීමේ යෝජිත ක්‍රමය අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතිය වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

වසර 02 ක නියමු ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ.

තමන් රෝගී වූ අවස්ථාවකදී හෝ රෝගී වූ සමීපතමයෙකු රැකබලාගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක ලෙඩ නිවාඩු මත සිටින Casual සේවකයන් වෙනුවෙන් වැටුප් සහිත නිවාඩු දීම මේ යටතේ සිදුවනවා.

ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 245.6 ක්.

Casual සේවකයන් අතුරින් 01/05 කට පමණ කිසිදු ස්ථිර සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැතිවීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින Casual හෝ කොන්ත්‍රාත් සේවකයන්ට මෙම නියමු වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකියි.

පළමු අධියර සඳහා 150,000 ක් පමණ ලියාපදිංචි වනු ඇතැයි අපේක්ෂිතයි.

https://www.9news.com.au/national/new-paid-sick-leave-trial-for-casual-workers-commencing-in-victoria/fa42b92a-d676-474b-8169-43610158b1f2

COMMENTS