Search

ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

2021 වසරේ ජනවාරි මාසයේ සියයට 3.0ක් ලෙස සටහන් වූ උද්ධමනය 2021 වසරේ දෙසැම්බර් මාසය වන විට දැක්වුණේ සියයට 12.1ක් ලෙසයි.

2022 වසරේ ආරම්භයේදී සියයට 14.2ක් ලෙස ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ විශාලම උද්ධමනය සහිත රට බවට පත්ව තිබෙනවා.

ආසියාතික රටවල් අතුරින් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය, සිංගප්පූරුව සහ චීනය ඇතුලු සහ අනෙක් රටවල උද්ධමන වේගය අභිබවා ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ඉහළ ගොස් තිබුණා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »