අපනයන ඉපැයීම් රීති කිහිපයක් දක්වමින් කබ්රාල්ගෙන් ගැසට් නිවේදනයක්

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ රීති කිහිපයක් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1949 අංක 58 දරන මුදල් නීති පණත යටතේයි එම රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මේ අනුව සෑම භාණ්ඩ හෝ සේවා අපනයනකරුවෙකුම අපනයනය කල භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සපයන ලද සේවාවලට අදාළව අපනයන ඉපැයීම්, අදාළ භාණ්ඩ නැව්ගත කල දිනයේ හෝ සේවා සැපයූ දිනයේ සිට දින 180 ක් ඇතුළත අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව වෙත ගෙන්විය යුතු වනවා.

අනතුරුව මාසයක් තුළ අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව ශේෂය ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කල යුතු වනවා.

සෑම බලපත්‍රලාභී බැංකුවක් විසින්ම මෙම රෙගුලාසි දැඩිව අධීක්ෂණය කල යුතු බවයි මහ බැංකු අධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »