ක්වීන්ස්ලන්ඩ් හදිසි තත්වයක් ප්‍රකාශ නොකිරීමට හේතුව අගමැති මොරිසන් පහදයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් හදිසි තත්වයක් ප්‍රකාශ නොකිරීමට හේතුව අගමැති මොරිසන් පහදයි

ක්වීන්ස්ලන්ඩ් හදිසි තත්වයක් ප්‍රකාශ නොකිරීමට හේතුව අගමැති මොරිසන් පහදයි

ජල ගැලීම් තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය සඳහා එවැන්නක් සිදු නොකිරීමට හේතුව අගමැති ස්කොට් මොරිසන් විසින් අද ප්‍රසිද්ධියට පත් කලා.

අගමැතිවරයා පැවසුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය විසින් එවැන්නක් අවශ්‍ය නැතැයි ප්‍රකාශ කර තිබූ බවයි.

හදිසි තත්වයක් නොමැතිවීම හමුවේ ආපදා සහන බෙදීම නිසි ලෙස සිදුනොවන බවට ප්‍රාන්තවාසීන් විසින් කරන චෝදනාවලට පිළිතුරු දෙමිනුයි අගමැති මොරිසන් මේ බව කියාසිටියේ.

කෙසේවෙතත් අගමැතිනිය විසින් පවසා තිබුණේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට දැනටමත් ප්‍රමාද බවයි.

https://www.9news.com.au/national/flood-update-prime-minister-scott-morrison-state-of-emergency-nsw-not-queensland/95d161cb-2cc7-4a54-99ad-631fcb8b93dc

COMMENTS