Search

කොවිඩ් දඩ ගෙවීම පැහැර හැරි වික්ටෝරියානුවන්ට වට්ටම්

කොවිඩ් රෙගුලාසි කඩ කිරීමට අදාළව වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නිකුත් කල දඩ පත්‍රිතා අතුරින් 8200 ක් සඳහා පමණ මෙතෙක් මුදල් ගෙවා නොමැති බව අනාවරණ වී තිබෙනවා.

ඉන් බහුතරය වන දඩ පත්‍රිකා 4957 ක් අයත් වන්නේ මුහුණු ආවරණ නොපැළඳීමට අදාළව නිකුත් කල ඩොලර් 200 දඩය සඳහායි.

2020 වසරේ ජූලි මාසයේ සිට පසුගිය වසරේ ලොක්ඩවුන් තත්වය අවසන් කල දිනය දක්වා නිකුත් කල දඩ පත්‍රිකා මීට අයත් වනවා.

පසුගිය වසරේදී නිකුත් කල දඩ පත්‍රිකා අතුරින් වික්ටෝරියානුවන්ගෙන් සියයට 06 ක් පමණක් ඒවා ගෙවා ඇති බවද හෙළිකරගෙන තිබෙනවා.

මෙම තත්වය වහා අවසන් කරගැනීම සඳහා දඩ මුදල් සඳහා වට්ටම් ලබාදීමටද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සූදානම් වනවා.

https://www.abc.net.au/news/2022-03-12/victoria-pandemic-unpaid-covid-fines/100900340

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »