
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ලබන මාසයේදී ආරම්භවීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි මූලාශ්‍ර 03 ක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කලේ.
මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 2.31 ක් දක්වා පහළ ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන – ආහාර – ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීමට අසීරු තත්වයක් උදාවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන්නේ මාස ගණනක් පුරා විපක්ෂය ඇතුලු පාර්ශව ගණනාවක් ඒ සඳහා කල ඉල්ලීම් රජය සහ මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබූ වාතාවරණයකදීයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසය මැද භාගයේදී වොෂින්ටන් නුවරට ගොස් මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මුණගැසීමට නියමිත බවයි රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව පාර්ශවයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව විසින් මෙම වසරේදී ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 04 ක් වන අතර ලබන ජූලි මාසයේදී කල් පිරීමට නියමිත ස්වෛරීත්ව බැඳුම්කරයක්ද ඒ අතර වනවා.