Search

ඔස්ටේ්‍රලියාවේ ජල ගැලීම් ගැන චාර්ල්ස් කුමරුන් කථා කරයි

ඔස්ටේ්‍රලියාවේ ජල ගැලීම් තත්වය සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ද අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ දේශගුණ විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම සඳහා දැන්වත් නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බව එමගින් නැවතත් අවධාරණය කෙරෙන බවයි.

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සිය කණගාටුව පළකරන බවයි චාර්ල්ස් කුමරුන් අවධාරණය කරන්නේ.

එමෙන්ම 2020 වසරේ ලැව්ගිනි තත්වය පිළිබඳවද ඔහු අවධානය යොමුකර තිබෙනවා.

ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන් සැළකෙන්නේ දේශගුණ විපර්යාස වෙනුවෙන් ප්‍රබල වැඩ කොටසක් ඉටු කරන අයෙකු ලෙසයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »