ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක්ද ලබාදීම කෙරෙහි අවධානය

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක්ද ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

TGA හෙවත් ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින බවයි ඔහු සඳහන් කලේ.

මෙම මාත්‍රාව දෙවන බූස්ටර් එන්නත ලෙස හැඳින්වෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කලා.

එමෙන්ම වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ට වාර්ෂිකන කොවිඩ් එන්නතක් ලබාදීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

මේ අතර නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ජල ගැලීම් වලට ලක්වූවන්ට මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 31 ක මුදලක් වෙන්කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »