
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් තෙල් සමාගමේ ඉන්ධන මිල ඉහළ නංවනු ලැබුවා.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක් වැඩි කර ඇත්තේ රුපියල් 50 කින්.
ඒ අනුව අයි ඕ සී පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 214ක්.

ශ්‍රී ලංකාව තුළදී පෙට්‍රල් මිළ රුපියල් 250 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 200 ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසද මෙය සැළකෙනවා.
දින 32 ක් ඇතුළතදී අයි ඕ සී සමාගම විසින් ඉන්ධන මිළ ගණන් වැඩි කල 03 වන අවස්ථාව මෙයයි.

පසුගිය පෙබරවාරි මස 25 වනදා ද ලංකා ඉන්දියන් තෙල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.
ඒ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15 ක් වශයෙන්.
පෙබරවාරි මස 6 වනදා ද ඔවුන් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඉන්දියන් තෙල් සමාගම පැවසුවේ, රටේ පවතින ඩොලර් අර්බුදය සහ රුපියල පා කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.
සිය සමාගම පාඩු නොලබන ආකාරයට ජනතාවට ඉන්ධන සැපයීමට නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීමේ දී මෙන්ම මෙරට තුළ රුපියල අවප්‍රමාණය වීම යනාදී කාරණා හේතුවෙන් මෙවැනි තීරණවලට ව්‍යාපාරික වශයෙන් එළඹීමට සිදුවන බවයි අයි ඕ සී කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේ.
ඉදිරියේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ පහළගියහොත් එහි වාසිය ජනතාවට දීමට සූදානම් බවද එම නිවේදනයෛ් වැඩිදුරටත් සඳහන්.