තමා වෙනුවට එන්නත ගන්නා ලෙස වෙනත් කාන්තාවකට මුදල් දුන් ක්වීන්ස්ලන්ඩ් ගුරුවරියකට $ 2000 ක දඩ

තමා වෙනුවට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස වෙනත් කාන්තාවකට මුදල් දුන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගුරුවරියකට ඩොලර් 2000 ක දඩයක් නියම වී තිබෙනවා.

ප්‍රාන්තයේ ගුරුවරුන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමත් නොඑසේනම් රැකියාව අහිමිවිය හැකිවිමත් මත අදාළ ගුරුවරිය මෙම ක්‍රියාවේ නිරත වී ඇති බව සඳහන්.

ඒ අනුව අන්තර්ජාලය හරහා සොයාගත් වෙනත් කාන්තාවකට මෙම ගුරුවරිය විසින් ඩොලර් 1000 ක මුදලක් ලබාදීමට කැමැත්ත පළකර තිබෙනවා.

කෙසේවෙතත් එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එම තැනැත්තියට නිවැරදි ලෙස නම උච්චාරණය කිරීමට නොහැකිවීම සහ උපන්දිනය පැවසීමට නොහැකිවීම හමුවේ මෙම වංචනික ක්‍රියාව අනාවරණ වී ඇතැයි සඳහන්.

පසුව අදාළ ගුරුවරියට නඩු පවරා ඇති අතර එහිදීහි ඩොලර් 2000 ක දඩයක් නියමවී ඇත්තේ.

https://www.9news.com.au/national/brisbane-teacher-fined-in-court-over-fake-covid19-vaccination/777b6e5c-4d1e-4e18-a21e-c739c8f1941c