PHOTOS : ශ්‍රී ලංකාවේ බතික් මෙල්බර්න් නුවරට

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වූ කමිටුව (CFSL), දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව, 2022 මාර්තු 08 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බතික් කලාව විදහා දැක්වෙන ඡායාරූප රූගත කිරීමක් සංවිධානය කළේ ය.

නව විලාසිතා ප්‍රවණතා කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ඕස්ට්‍රේලියානුවන් වෙත ළඟා වීමේ අදහසින්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙවැනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් සහ ඕස්ට්‍රේලියාවේ උපන් දකුණු ආසියාතිකයන් හරහා ශ්‍රී ලාංකික බතික් කලාව ඕස්ට්‍රේලියානුවන් අතර ප්‍රචලිත කිරීම, ප්‍රථම වරට පවත්වන ලද මෙම වැඩසටහනේ අරමුණ විය.

2019 සහ 2020 යන වසරවල දී, විවාහක හා අවිවාහක දකුණු ආසියා සහ ඕස්ට්‍රේලියා රූ රැජින සහ විවාහක හා අවිවාහක ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා රූ රැජින යන තරගවලින් ජය ලැබූ ජයග්‍රාහිකාවන් මෙම ඡායාරූප රූගත කිරීම සඳහා සහභාගී වූ අතර ඔවුහු ශ්‍රී ලංකාවේ බතික් සාරිවලින් සැරසී සිටිය හ.

තරුණ ව්‍යවසායිකාවක් වන “විවාහක දකුණු ආසියා ඕස්ට්‍රේලියා රූ රැජින තරගයේ 2020 අනුශූරතාව” දිනාගත් තාරා ඩයස් නිර්මාණය කළ නවතම බතික් ඇඳුම් ද මෙම රූගත කිරීම්වලට ඇතුළත් විය.

ඉන් අනතුරුව මෙම නිර්මාණ ශිල්පිනිය,ශ්‍රී ලංකා බතික් ඕස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා හමු වූවා ය.

මෙම ඡායාරූප කොන්සල් ජනරාල්වරයා, සංවිධායකයන් මෙන්ම මාධ්‍ය තුළ විශාල අනුගාමිකත්වයක් ඇති නිරූපිකාවන් විසින් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස බෙදා හරින ලදී.

තවද, මෙම ඡායාරූප ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු ප්‍රජා මාධ්‍ය හරහා ද බෙදා හරින ලදි.

මෙල්බර්න් නගරය බහු සංස්කෘතික නගරයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය සහ ශ්‍රී ලාංකික බතික් කලාව ආශ්‍රිත නිමැවුම් වැනි අද්විතීය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය තෝතැන්නකි.

විශාල ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු ප්‍රජාවකගේ නිවහන වන මෙල්බර්න් නගරය, ශ්‍රී ලාංකික බතික් කලාව සඳහා වැදගත් වන වෙළඳපොලක් බවට පත්වීමේ හැකියාවක් පවතී.

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩයනා පෙරේරා , CFSL හි සභාපති මිමී ලෙනාඩ් , තරඟ අධ්‍යක්ෂ සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ඩිල්කි පෙරේරා සහ CFSL හි විධායක සාමාජික සවින්දි පෙරේරා ජෛනුදීන් යනාදීහු මෙම උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කළහ.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »