
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද වෙබ් අඩවිවල පළ කර තිබේ.
ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද පළ කර තිබේ.
මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි.

ලංකා බැංකුවේ අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 225.50 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල 230ක් ලෙස දැක්විය.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 248.34ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල රුපියල් 260කි.

හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 250ක් වු අතර විකුණුම් මිල රුපියල් 260ක් ලෙස දැක්විය.
සම්පත් බැංකුවේ ඩොලරයක ගැණුම් මිල 248.63 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල රුපියල් 260 කි.
මහජන බැංකුවේ ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 248.29ක් වූ අතර විකුණුම් මිල රුපියල් 259.99ක් ලෙස දැක්විය.
Today's forex rates at HNB pic.twitter.com/x24jTNDFKI
— Ranga Sirilal (@rangaba) March 10, 2022
COMMENTS