ලාංකික ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම රුපියල් 20 ක දිරි දීමනාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලාංකික ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම රුපියල් 20 ක දිරි දීමනාවක්

ලාංකික ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම රුපියල් 20 ක දිරි දීමනාවක්

විදෙස් රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම ලබාදෙන දිරි දීමනාව රුපියල් 20 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කලේ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම තීරණය ගත් බවයි.

එමගින් විදේශ ශ්‍රමිකයන්ට සිය ප්‍රේෂණ සඳහා සුරක්ෂිතතාවයට අමතරව ඉහළ ප්‍රතිලාභයක්ද ලබාගත හැකි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා.

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා රුපියල් 08 ක දිරි දීමනාවක්ද විදෙස් මුදල් නෝට්ටු මාරු කිරීමේදි අමෙරිකානු ඩොලරයකට රුපියල් 10 ක දිරි දීමනාවක්ද මෙතෙක් ගෙවනු ලැබුවා.

එය ගෙවීම අත්හිටුවීමට තීරණය කල බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ.

COMMENTS