
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ලබන 30 වනදින මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එය පැවැත්වීමට නියමිතයි.
ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ MCG ක්‍රීඩාංගණය හැර ෂේන් වෝන් වෙනුවෙන් උපහාර දැක්විය හැකි වෙනත් කිසිදු ස්ථානයක් නොමැති බවයි.

සිය 700 වන ටෙස්ට් කඩුල්ල ඇතුලුව සිය ක්‍රිකට් දිවියේ සන්ධිස්ථාන රැසක් වෝන් විසින් සපුරාලනු ලැබුවේද මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම සමරු උත්සවය සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැය අපේක්ෂිතයි.

https://7news.com.au/news/mcg-to-host-memorial-for-spin-king-warne-c-5994121
COMMENTS