ගුවන් ටිකට්පත් ගාස්තුද සැළකිය යුතු අගයකින් වැඩිවනු ඇති බවට අනාවැකි

ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගුවන් ටිකට්පත් ගාස්තුද සැළකිය යුතු අගයකින් වැඩිවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ක්වන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් පෙන්වා දෙන්නේ ඉන්ධන මිළෙහි අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කල නොහැකි බවයි.

දේශසීමා විවෘත කිරීමත් සමග බොහෝ පිරිසක් ගුවන් ගමන්වල නිරතවීම යළි ආරම්භ කිරීමත් සමග ටිකට්පත් සඳහාද දැඩි ඉල්ලුමක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කරනවා.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ පවතින්නේ අමෙරිකානු ඩොලර් 130 මට්ටමේයි.

කෙසේවෙතත් යුක්රේන – රුසියා අර්බුදය හමුවේ එය ඩොලර් 300 පමණ දක්වා ඉහළ යනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.

https://www.9news.com.au/national/qantas-airfares-could-rise-on-back-of-sky-high-oil-prices/df99206b-9254-42bc-b449-eac43f180e3f