
යුක්රේන ආක්‍රමණයට විරෝධය පළකර ලොව සුප්‍රකට සමාගම් රැසක් රුසියාව තුළ සිය සේවා අත්හිටුවා තිබෙනවා.
ඊට එක්වූ නවතම ආයතන වන්නේ McDonald’s – Starbucks සහ Coca-Cola යි.
රුසියාව පුරා පිහිටි McDonald’s අවන්හල් 850 ම අද සිට වසා තැබෙනු ඇති.

කෙසේවෙතත් ඒවායෙහි රැකියා කරන 62,000 කට අධික සේවකයන්ට තවදුරටත් වැටුප් ගෙවන බව McDonald’s නිවේදනය කලා.
රුසියාවේ ක්ෂණික ආහාර අලෙවි කිරීම් අතුරින් සියයට 84 ක්ම පමණ McDonald’s වෙත අයත් වන බවද සඳහන්.

https://7news.com.au/news/conflict/mcdonalds-shuts-outlets-in-russia-for-now-c-5984477