
මෙම වසරේ ගතවූ කාලයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම සංඛ්‍යාව 32,375 ක්.
ඉන්දියාවෙන් සංචාරකයන් 29,514 ක් / මහා බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 20,744 ක් මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

09 වන ස්ථානයට ඔස්ටේ්‍රලියාවෙන් පැමිණි සංචාරකයන් 4,940 ක් ද මෙම වසරේ මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.
සමස්ත කාලසීමාවේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 204,345 ක් වන අතර ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැමිණ තිබූ සංචාරකයන් සංඛාව 178,834 ක්.

මාර්තු මාසයේ මුල් දින 07 දී පමණක් විදේශීය සංචාරකයන් 25,511 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
COMMENTS