ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ඉදිරි දින කිහිපයේදී තවත් ඉහළ යනු ඇති බවට අනාවැකි

ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ඉදිරි දින කිහිපයේදී තවත් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිළ ඉතාම නුදුරේදී ඩොලර් 2.15 සීමාවට ළගාවනු ඇති බවටයි විචාරකයන් අනතුරු අගවා සිටින්නේ.

යුක්රේන – රුසියා අර්බුදයත් සමග පසුගිය දින 14 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ සියයට 30 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

රුසියානු ඉන්ධන සඳහා යුරෝපා සංගමය විසින් සම්බාධක පැණවීමේ සූදානමක්ද පවතිනවා.

එසේ වුවහොත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ තවදුරටත් ඉහළ යනු ඇති බවටද මත පළවනවා.

දැනට බොරතෙල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 130 ක් ලෙස පවතින අතර එය ඩොලර් 185 පමණ දක්වා ඉහළ යනු ඇති බවද සඳහන්.

https://www.9news.com.au/national/petrol-predicted-to-hit-215-pre-litre-unleaded-amid-russia-ukraine-invasion-oil-sanctions-talk/af901ea6-7fa9-489b-90e7-c586dbe310df

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »