වික්ටෝරියා හි 2022 වසරේ පළමු Japanese encephalitis මරණය වාර්තා වෙයි

Japanese encephalitis වෛරසය වැළඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වික්ටෝරියා ප්‍රාන්තවාසියෙකු මියගොස් තිබෙනවා.

60 හැවිරිදි වියෙහි පසුවූ මෙම පුද්ගලයා වික්ටෝරියා උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

ඔහුගේ මරණයට හේතුවද Japanese encephalitis වෛරසය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙම වසරේදී වාර්තා වූ පළමු Japanese encephalitis මරණය මෙයයි.

ප්‍රාන්තයෙන් මේ වසරේ මේ දක්වා කාලය තුළ Japanese encephalitis ආසාධිතයන් 07 දෙනෙකු හමුවී තිබෙනවා.

https://www.9news.com.au/national/japanese-encephalitis-victorian-man-dies-from-mosquito-borne-virus/886a9548-b387-4c0b-bd76-ca94e45f1dbd

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »