ශේන් වෝන් ගේ දේහය අද මෙල්බන් නුවරට – AusLanka TV – Australian News for the Sri Lankan community

ශේන් වෝන් ගේ දේහය අද මෙල්බන් නුවරට

ශේන් වෝන් ගේ දේහය අද මෙල්බන් නුවරට

තායිලන්තයේදී මිය ගිය ඔස්ටේ්‍රලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් ගේ දේහය අද ඔස්ටේ්‍රලියාවට රැගෙන ඒමට නියමිතයි.

බැංකොක් සිට මෙල්බන් නුවර දක්වා දේහය ගෙන ඒමට නියමිතව ඇති බවයි තායි වාර්තා සඳහන් කලේ.

ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු සිදුවීමක් සිදුවී නොමැති බව තායි බළධාරීන් ඊයේ දිනයේදී නිගමනය කර තිබුණා.

එය ස්වභාවික මරණයක් පමණක් බවත් තායි බළධාරීන් සඳහන් කලේ.

ශේන් වෝන් වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය මේ වනවිටත් තීරණය කර අවසන්.

COMMENTS