වික්ටෝරියාවාසීන් හිමිකම් නොපෑ $ මිලියන 111 ක මුදලක් ප්‍රාන්ත ආදායම් කාර්යාලයේ – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියාවාසීන් හිමිකම් නොපෑ $ මිලියන 111 ක මුදලක් ප්‍රාන්ත ආදායම් කාර්යාලයේ

වික්ටෝරියාවාසීන් හිමිකම් නොපෑ $ මිලියන 111 ක මුදලක් ප්‍රාන්ත ආදායම් කාර්යාලයේ

වික්ටෝරියාවාසීන් විසින් මේ දක්වා හිමිකම් නොපෑ ඩොලර් මිලියන 111 ක මුදලක් ප්‍රාන්ත රජයේ ආදායම් කාර්යාලය සතුව ඇති බවට වාර්තා පළවනවා.

කිසිදු පුද්ගලයෙකු විසින් මෙතෙක් හිමිකම් පෑමට ඉදිරිපත් නොවූ හිමිකම් 740,000කට වඩා ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ මහජනතාව හිමිකම් කියන මුදල් වැඩිපුරම ලබා ගෙන නොමැත්තේ මෙල්බර්න් නගර සභා කලාපයේයි.

එහි 57,000 ක හිමිකම් ප්‍රමාණයකට මේ වන විට කිසිවෙකුත් හිමිකම් කියා නොමැති බව සඳහන්.

ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 15.2 ක්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ ඇත්තේ මොනෑෂ් නගර සභා කලාපය වන අතර එහි ඩොලර් මිලියන 07 ක පමණ මුදලකට මෙතෙක් කිසිදු හිමිකමක් පා නොමැති බව අනාවරණය වී තිබෙනවා.

https://thewest.com.au/news/millions-in-unclaimed-money-up-for-grabs-in-victoria-c-5857684

COMMENTS