
ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සදහා එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.
අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි කාලය තුළ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එමිරේට්ස් ගුවන් සමාගම අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක යි.
සංචාරක ප්‍රදර්ශන, සමුළු සම්මන්ත්‍රණ, වැඩමුළු හා ප්‍රවර්ධන සංචාර මේ යටතේ සංවිධානය කිරීමට නියමිතයි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කළේ ලෝකයේ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග ඉදිරියේදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ වසර තුළ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිපයක් අලුතින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබදව අදාල ගුවන් සේවාවන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඇමතිවරයා සඳහන් කලා.
