ක්වීන්ස්ලන්ඩ් ජල ගැලීම් හානිය $ බිලියන 2.5 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් ජල ගැලීම් හානිය $ බිලියන 2.5 ක්

ක්වීන්ස්ලන්ඩ් ජල ගැලීම් හානිය $ බිලියන 2.5 ක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති හානිය ඩොලර් බිලියන 2.5 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනිය විසින් මීට පෙර පවසා තිබුණේ එම පාඩුව ඩොලර් බිලියනයක් පමණ විය හැකි බවටයි.

එහෙත් විනාශ වූ ගොඩනැගිලි ආදිය ප්‍රතිසංස්කරණය සඳහා තවත් ඩොලර් බිලියන 01 ක් පමණ වැය කිරීමට සිදුවනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම පාඩුව පියවා ගැනීම සඳහා කිසිදු අයුරකින් බදු වැඩි කිරීමක් සිදු නොකරන බවටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සහතික වන්නේ.

ඊයේ දිනය වනවිට ප්‍රාන්තයෙන් ජලගැලීම් ආශ්‍රිත මරණ 13 ක් වාර්තා වී තිබුණා.

https://www.abc.net.au/news/2022-03-07/qld-records-13th-flood-related-death-warwick/100890154

COMMENTS