ෂේන් වෝන්ගේ මරණය ස්වභාවිකයි – මරණ පරීක්ෂණයෙන් හෙළිවේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ෂේන් වෝන්ගේ මරණය ස්වභාවිකයි – මරණ පරීක්ෂණයෙන් හෙළිවේ

ෂේන් වෝන්ගේ මරණය ස්වභාවිකයි – මරණ පරීක්ෂණයෙන් හෙළිවේ

තායිලන්තයේ සංචාරක නිකේතනයක දී හදිසියේ මිය ගිය ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

තායි පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (06) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ෂේන්වෝන්ගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දුන් අතර ඔවුන් එම ප්‍රතිඵල පිළිගත් බවයි.

ඒ අනුව ඔහුගේ මළ සිරුර ඔස්ට්‍රෙලියාවට රැගෙන යාම සඳහා බැංකොක් නුවර කොන්සියුලර් නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල තායිලන්ත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ද බැංකොක් පොලීසිය සඳහන් කළා.

මුත්තයියා මුරලිදරන්ට පමණක් දෙවැනි වෙමින් ටෙස්ට් කඩුලු 708ක් බිද හෙළුෑ 52 හැවිරිදි ෂේන් වෝන් තායිලන්තයේ කෝ – සමුයි හි සංචාරක නිකේතනයක දී හදිසියේ මිය ගියේ පසුගිය සිකුරාදා දිනයේදියි.

COMMENTS