
ජල ගැලීම් ආධාර එක්රැස් කරන මුවාවෙන් අන්තර්ජාලය හරහා මුදල් එකතු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.
ව්‍යාජ ආධාර අරමුදල් පිහිටුවා එම බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරන ලෙස මෙහිදී ජාවාරම්කරුවන් විසින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර ගෙනයමින් පවතින බවයි ප්‍රධාන පෙලේ බැංකු කිහිපයක්ම විසින් අනතුරු අගවා ඇත්තේ.
එවැනි සංවිධාන හෝ අරමුදල්වල වෙබ් අඩවි පිළිබඳ හොඳින් විමසා මුදල් තැන්පත් කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

2020 ලැව්ගිනි සමයේදීත් මෙවැනිම ව්‍යාජ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා වූ බවද බලධාරින් පෙන්වා දෙනවා.

COMMENTS