වසර 14 කට පසු බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 14 කට පසු බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 ඉක්මවයි

වසර 14 කට පසු බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 ඉක්මවයි

වසර 14 කට පසු පළමු වරට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

අද දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 139 අභිබවා ගිය බවටයි ජාත්‍යන්තර වාර්තා සඳහන් කලේ.

එය පසුගිය සිකුරාදා පැවති මිළට වඩා අමෙරිකානු ඩොලර් 20 ක පමණ ඉහළ යාමක්.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය මීට ප්‍රධානතම හේතුවයි.

ඉතිහාසයේ මෙතෙක් බොරතෙල් බැරලයක වැඩිම මිළ සටහන්වී ඇත්තේ 2008 වසරේ ජූලි මාසයේදීයි.

එහිදී බොරතෙල් බැරලයක මිළ ඩොලර් 147 යි ශත 50 ක් ලෙස සටහන්වුණා.

කෙසේවෙතත් වර්තමානයේ පවතින තත්වය හමුවේ එම අගය ද ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

COMMENTS