
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට නිල බලයෙන් හිමිවන ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් සංඛ්‍යාව 7 කි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය තුන්වැනිදා එම ඇමැති තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවැසීය.
මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ආණ්ඩුපක්ෂයේ පසුපෙළ අසුන් පැනවූ බවද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ ට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 73 වැනි ආසනයත් උදය ගම්මන්පිලට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 78 වැනි ආසනයත් මේ අනුව හිමිවනු ඇත.
COMMENTS