ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක යෝජනාව පවුලේ ඥාතීන් පිළිගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක යෝජනාව පවුලේ ඥාතීන් පිළිගනී

ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක යෝජනාව පවුලේ ඥාතීන් පිළිගනී

අභාවප්‍රාප්ත ඔස්ටේ්‍රලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමේ යෝජනාව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පිළිගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙන්ම ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය විසින් එම යෝජනා ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් අවමංගල්‍ය උත්සවය පවත්වන දිනයක් මේ දක්වා නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැහැ.

පසුගිය සිකුරාදා ශේන් වෝන් ජීවිතක්ෂයට පත්වූයේ තායිලන්තයේ පිහිටා ඇති ඔහුට අයත් නිවාඩු නිකේතනයේ මිතුරන් පිරිසක් සමග සිටියදීයි.

ශේන් වෝන් ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු සිදුවීමක් නොමැති බවටයි තායි පොලිසිය තහවුරු කර ඇත්තේ.

කෙසේවෙතත් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමෙන් පසු දේහය ඔස්ටේ්‍රලියාවට එවීමට නියමිතයි.

අනතුරුවයි වික්ටෝරියා ප්‍රාන්තයේදී ඔහුගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

https://www.9news.com.au/national/shane-warne-death-manager-james-erskine-speaks-to-today-about-legends-life-death-and-legacy/e39e9c00-2218-4b7b-b56d-0ea1d9f4e729

COMMENTS