
මෙල්බන් Flemington Racecourse හිදි සිදුවූ අනතුරකින් කාන්තාවක ඇතුලු 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාළ කාන්තාවගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරු 06 යි 30 ට පමණ ඔවුන් සහ අසල තිබු මෝටර් රථ කිහිපයක් මතට විශාල ගසක් ඇදවැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

එහිදී බරපතල තුවාල ලැබූ කාන්තාව ඇතුළත් කර ඇත්තේ Royal Melbourne රෝහල වෙතයි.
තුවාල ලැබූ අනෙක් 03 දෙනා 63 – 68 සහ 72 හැවිරිදි වියෙහි පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.