ඩොලරයකට රු. 240 ක් දෙන්න ආණ්ඩුවට යෝජනාවක්

විදෙස් ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් එකක් සඳහා රුපියල් 240 ක මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් ඊළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වියදම් කිරීම සඳහා වැඩිපුර මුදල් එවීම සාමාන්‍ය‍යෙන් සෑම වසරකම සිදුවන්නකි.

එහෙත්, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඩොලරය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හමුවේ බොහෝ විදෙස් ශ්‍රමිකයන් සිය මුදල් මෙරටට එවනු ලබන්නේ නීත්‍යානුකූල නොවන මාර්ගවලිනි. එම තත්ත්වය නිසා මේ වන විට විදෙස් සංචිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇත.

අවම වශයෙන් ඇමරිකානු ඩොලරයකට රුපියල් 240 ක් වත් ගෙවන්නේ නම් විදෙස් ශ්‍රමිකයන් බැංකු හරහා සිය මුදල් මෙරටට එවීමට කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, දැනට ඩොලරයකට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාවට අමතරව තවත් රුපියල් 30 ක් වැඩි කිරීමට අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කරනු ඇති බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු සමග එක්ව මේ සඳහා විධිමත් වැඩසටහනක් සකස් කිරීම මගින් විදෙස් ශ්‍රමිකයන්ට මෙන්ම මෙරට ආර්ථිකයට ද වාසිදායක ලෙස ඩොලර් ප්‍රේෂණ සිදු කළ හැකි බව අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »