යුක්‍රේන ජනපති ඝාතනය උත්සාහය සතියක් තුළ 03 වරක් අසාර්ථකයි

යුක්‍රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ 03 වරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද කණ්ඩායම් දෙකක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු යුක්‍රේනය එය ව්‍යර්ථ කර ඇති බවය.

එමෙන්ම සෙලෙන්ස්කි ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම් දෙකක් විනාශ වූ බව යුක්‍රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් “වොෂින්ටන් පෝස්ට්” පුවත්පත ද අනාවරණය කළේය.

යුක්රේනයට ඉහළින් තම රටේ ගුවන් යානා වලට පියාසර කිරීම තහනම් කලාපයක් ලෙස පනවා ඇති රටවල් මෙම යුද ගැටුමට සහභාගී වන රටවල් ලෙස සලකන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

රුසියානු ගුවන් සමාගම්වල ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී පුටින් මේ බව පවසා තිබෙනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »